• +64 210 247 2735
  • info@krystalservices.co.nz
  • Auckland, New Zealand
Community Supporting
සංගීතයෙන් සමාජයට — චකිතය ෂෝ එකෙන් කරුණාවේ පියවරක්

සංගීතයෙන් සමාජයට — චකිතය ෂෝ එකෙන් කරුණාවේ පියවරක්

මීගමුවේ පල්ලන්සේන පල්ලියට. බෞද්ධ ,ක්‍රිස්තියානි කතෝලික ජාතිආගම් භේදයක් නැතුව අවතැන් වෙච්ච හුඟක් මිනිස්සුන්ට ඒ පල්ලිය හෙවනක් වෙලා තිබුණා.

මිනිසුන් තුන්සිය දෙනෙකුට Krystal Events අපි ලක්ෂ 4 ක පමන වටිනා වියළි ආහාර, වතුර,දරුවන්ට අවශ්‍ය පැම්පස්, කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා ,සබන් ,ඇඳුම් ආදි අවශ්‍ය කළමනා අරන් ගියා.

Krystal Events අපි අන්තිමට කරපු චකිතය ෂෝ එකෙන් අපි උපයපු සල්ලි වලින් වැඩි හරියක් තමයි මිනිසුන් තුන් සියයක් වෙනුවෙන් මේ පරිත්‍යාග කරන්න මම වියදම් කළේ .

ඒ වගේම Christchurch රජිත සහෝදරයා රුපියල් 40,000ක මුදලක් සහ Ananthaya entertainment ShivanKa Peiris සහෝදරයා රුපියල් 60,000 mudalak මිනිස්සු වෙනුවෙන් පරිත්‍යාග කළා.🙏

ඔයාලා චකිතය ටිකට් ගත්ත සල්ලි වලින් කොටසක් යොදවලා අපි මීට ඉස්සර මහරගම අපේක්ෂා රෝහලටත් දානයක් දුන්නා. ඉතින් එදා නවසීලන්තයේ ඉඳන් චකිතය ෂෝ එක බලන්න ටිකට් එකක් අරගෙන ආව හැම කෙනෙක්ටම හුඟාක් ස්තුතියි…. හුඟාක් පින්.

ඔයාලා ගත්ත ටිකට් එකකට පුළුවන් වුණා මහා සමාජ මෙහෙවරක කොටස්කාරයෙක් වෙන්න.

අපි කරපු හැම පරිත්‍යාගයක්ම හරිම සාධාරණ විදිහට ඒ මිනිස්සු අතර බෙදී ගියා.

ආයෙත් කියන්නෙ ගත්ත හැම ටිකට් එකක් වෙනුවෙන්ම ඔයාලට හුඟාක් ස්තුතියි …….හුඟාක් පින්………….

කලා ක්ෂේත්‍රයේ ඉන්න මගේ හිතමිතුරන් වෙච්ච Saman Alnkara, suran Dasanayaka, චම්මු කියන මගේ හිත මිතුරන් තමා මට උදව් අවශ්‍යම මිනිස්සුන්ට මොනවාහරි දෙයක් කරන්න ඕන කිව්වම මීගමුව පල්ලන්සේන පල්ලිය බිමේ ඉන්න මිනිස්සු ගැන මට කියලා මේ පරිත්‍යාගය මට කරන්න පාර හදලා දුන්නේ….ඒ සහයෝගයටත් අවංකවම ස්තුතියි……………

ඉතින් මෙතෙකින් මෙහෙවර නිම නෑ…………

ලෝකෙ කොයි රටක ජීවත් වුණත් ඒ ජීවත් වෙන රටට වගේම මම ඉපදිච්ච රටටත් මම හැමදාම ආදරෙයි……

Krystal Events එක්ක ඉන්න ඔයාලා හැමෝම ඒ ආදරේට අර්ථයක් දෙන්න මට හැමදාම ශක්තියක්…….

Nishantha Ariyawansa

Krystal Events